Friday, June 14, 2019

arthritis pain නිට්ටාආතරයිටිස්වටම සුව කරන ඉපැරණි හෙළ වෙද වට්ටෝරුව මෙන්න

ආතරයිටිස් නිට්ටාවටම සුව කරන ඉපැරණි හෙළ වෙද වට්ටෝරුව මෙන්න ...


ආතරයිටීස් නැතහොත් හන්දිපත් රුදාව රෝග තත්ත්වයෙන් පීඩා විඳින විශාල පිරිසකට හෙළ වෙදකම ඔස්සේ නිට්ටාවටම සුවය ලබාගත හැකි සුවිශේෂී හෙළ ප්රතිකාර වට්ටෝරුවන් පාරම්පරික වෙද පොත් පත්වල සඳහන් වෙනවා. හරිහැටි වැඩක් පළක් කර ගන්නට බැරිව, ඇවිද ගන්නට බැරිව අතිශය පීඩාකාරී දිවියක් ගත කරන බොහෝ දෙනෙකුට දෙනෙකුට එමඟින් ඉක්මන් සහනයක් ලැබෙන බව පාරම්පරික වෛද්යවරුන් අත්දැකීමෙන් ම පවසා සිටිනවා.

ආතරයිටිස් රෝගයෙන් අවුරුදු ගණන් එක දිගට පීඩා විඳින බොහෝ දෙනෙක් අද ඉන්නවා. නමුත් අපගේ හෙළ වෙද ප්රතිකාර වට්ටෝරු හරියාකාරව අනුගමනය කළහොත් මේ අයට ඉක්මන් සුවය ළඟා කර ගත හැකියි. සමහරුන්ගේ මතය වී තිබෙන්නේ ආතරයිටිස් කියන්නේ සුවපත් කළ නොහැකි රෝගයක් බවයි. ඇත්තටම එය මිත්යා මතයක්. එවැනි රෝගීන් බොහෝ දෙනෙක් සුවපත් කර සහනය ළඟා කර දෙන්නට මෙම සුවිශේෂී ඖෂධ වට්ටෝරු වලට හැකියාව ලැබී තිබෙනවා. එසේම තවමත් එම රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුගේ හිත සුවය පිණිස එම ප්රතිකාර වට්ටෝරුව මෙහි සඳහන් කිරීම අපගේ කාලීන යුතුකමයි.

🔴 ඖෂධ සාදාගන්නා ආකාරය...
වියළි ඉඟුරු, එළ ගම්මිරිස්, තිප්පිලි, බෙලි මුලේ පොතු, තොටිල මුලේ පොතු, මිදි මුලේ පොතු, තලොල් මුලේ පොතු, ඇද්දෙමට මුලේ පොතු කලං එකයි මදටිය දහය බැගින් ගෙන වතුර බෝතලයකින් කාල් අටක් දමා, එය කාල් එකට සිඳුවා තිප්පිලි කුඩු දමා දින 08 ක් උදේ සවස පානය කරන්න.
ඊට අමතරව හන්දිපත් වේදනා ඇති තැන්වල ආලේප කිරීමට ඖෂධ තෙලක් භාවිතා කළ යුතු වෙනවා. ඒ සඳහා,
මී ඇට තෙල් කාලක්, අබතෙල් කාල් භාගයක්, වණ්ඩු කපුරු ග්රෑම් 50 ක් අවශ්ය වෙනවා. එය සාදා ගැනීමේදී අබ තෙල් වලට වණ්ඩු කපුරු ටික දියකර තද අව්වේ පැය දෙක හමාරක් තැබිය යුතුයි. ඊට අමතරව මී ඇට තෙල් කාල ද පැය දෙක හමාරක් තද අව් රශ්මියේ තැබිය යුතුයි. ඉන්පසුව මේ සියල්ල එකට මිශ්රකර පිරිසිදු වීදුරු බෝතලයකට දමා ගන්න. ඉදිමී වේදනා දෙන තැන්වල මේ තෙල් දමා බැඳ පැය 12 ක් පමණ සිටිය යුතුයි. රාත්රී කාලයට තෙල් බඳින්නේ නම් වඩාත් සුදුසුයි.
විශේෂයෙන් තුනටියේ වේදනාවට, අත් පා හන්දි වල වේදනාවට එම ස්ථාන උණු වතුරෙන් තවා ඉන් පසුව තෙල් බැඳීම වඩාත් සුදුසුයි.
මෙය පාරම්පරික වෙද පොත්පත් වල සඳහන් වන ඉතාම වටිනා සුවිශේෂී ප්රතිකාර පන්තියක්. එය හරියාකාරව අනුගමනය කළහොත් ඔබට ඉතා ඉක්මණින් නිට්ටාවටම සුවපත් විය හැකියි.
ඔබ සැමට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා! තෙරුවන් සරණයි!

No comments:

Post a Comment