Monday, June 17, 2019

කාටිලේජ වර්ධනය කර දණිස් වේදනා දුරුකරන විශ්මිත ප්රතිකාරය...

දණහිස් වේදනා ඇති වීමට විවිධ හේතු සාධක රැසක් බලපානවා. වයස්ගත වීමත් සමඟ දණිස් වේදනා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ අධික බර, ආබාධ තත්වයන්, අධික ලෙස ව්යායාම වල නිරත වීම වැනි කාරණා නිසා ද දණිස් වේදනා ඇති වන්නට පුළුවන්.
ඒ වුනත් නිසි වේලාවේ දී මෙම වේදනාවන් හඳුනාගෙන ප්රතිකාර කිරීම ඉතාම වැදගත්. එසේ නොකළහොත් කල්ගත වන විට සුව කළ නොහැකි තත්වයටම වේදනාව වැඩි වෙන්න පුළුවන්. ඒ වුනත් ස්වාභාවික ඖෂධ වලින් දණහිස් වල ඇතිවන වේදනාව දුරු කළ හැකි බව සමහරවිට ඔබ නොදන්නවාත් ඇති.
මෙවර අප ස්වාභාවික ඖෂධ ඇසුරින් ඉදිරිපත් කරන ප්රතිකාරයෙන් දින කිහිපයක් තුළ වේදනාව දුරු කරගත හැකි බව කියවෙනවා. මේ සඳහා අපි තල ඇට යොදාගන්නවා. තල ඇට කියන්නේ කැල්සියම් බහුල ස්වාභාවික ආහාරයක්. පොතු ඉවත් කර වියළා ගත් තල ඇට 100g ක කැල්සියම් මිලිග්රෑම් 1200 ක් හා මැග්නීසියම් මිලිග්රෑම් 500 ක පෝෂණීය ගුණයක් අඩංගුයි. තල ඇට නිතිපතා ආහාරයට යොදාගතහොත් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්වයන් වලින් මිදී සිටින්නට එය ඔබට මහත් පිටුවහලක් වෙනවා.
🔴 බෙහෙත් වට්ටෝරුව
• තල ඇට මේස හැඳි 04
• වට්ටක්කා ඇට ග්රෑම් 40
• රසයෙන් තොර වූ ජෙලටින් මේස හැඳි 02
• වියළි මිදි මේස හැඳි 03
• හණ ඇට මේස හැඳි 08
• මී පැණි ග්රෑම් 200
🔵 සකසන ආකාරය...
හොඳින් සෝදා පොතු හැර ගත් තල ඇට සමඟ අනෙකුත් අමුද්රව්ය අවශ්ය ප්රමාණයට ගෙන බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු මූඩිය හොඳින් වැසිය හැකි ජෑම් බෝතලයක් වැනි යමක් ගෙන මෙම මිශ්රණය ගබඩාකර තබාගන්න. දවසට දෙවරක් උදේ සහ දහවල් ආහාරයට පෙර මෙම මිශ්රණයෙන් මේස හැඳි 01 ක ප්රමාණයක් බැගින් අරගන්න.
මෙහි අඩංගු විශ්මිත ගුණය නිසා දින කිහිපයකින් ඔබේ හානි වී ඇති දණහිස් කාටිලේජ හා කණ්ඩරා නැවත ප්රතිනිර්මාණය වීම ඇරඹීම සිදුවේවි.
ඔබ සැමට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා!
📕 මූලාශ්රය :- වෛද්ය මෘතය
🧒 සටහන :- සුලක්ඛණ ජයවර්ධන 

No comments:

Post a Comment