Healing the kidney stones Sri Lanka වකුගඩු ගල් නැත්තටම නැති කරන දිව්යමය ඔසුවක් මෙන්න...
වකුගඩු යනු ශරීරයේ ඇති ඉතාමත් වැදගත් කාර්යයන් ඉටුකරන ඉන්ද්රියක්. එහි ප්රධානම කාර්යය වන්නේ ශරීරයේ අපද්රව්ය හා අමතර තරල සියල්ල මුත්රා බවට පරිවර්තනය කර ශරීරයෙන් ඉවත් කරවීමයි. වකුගඩු මඟින් පැය 24 ක් තුළ රුධිර ලීටර් 120 - 150 ත් අතර ප්රමාණයක් මෙලස පෙරීම සිදුකරන අතර එමඟින් පෙරා ඉවත් කරන අපද්රව්ය කොටස මුත්රා ලීටර් 1 - 2 ක් අතර අගයක් ගන්නවා.
වකුගඩු වලින් මිනිස් සිරුර තුළ අඩංගු ඉලෙක්ට්රොලයිට විධිමත් හා ස්ථායී කරීමත්, සෝඩියම් පොස්පේට් හා පොටෑසියම් වැනි ඉලෙක්ට්රොලයිට මඟින් රුධිර පීඩනය විධිමත්ව පවත්වාගෙන යාමටත් උදව් වෙනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කරන හෝර්මෝන නිපදවීමට හා හැම මොහොතකමදී ම ජීවය අවසන් වී යන රතු රුධිරාණු සෛල යළි උත්පාදනය කිරීමට අවශ්ය සහයෝගය මෙම ඉලෙක්ට්රොලයිට මඟින් ලබා දීම සිදුවෙනවා. මේ දේවල් සියල්ල හොඳින් සිදුවීමට නම් ඔබට නිරෝගී වකුගඩු දෙකක් අනිවාර්යයෙන් අවශ්යයි.
වකුගඩු තුළ කැල්සියම් එකතුවීම නිසා පාෂාණ වැනි ඝණ ස්කන්ධයන් හට ගැනීම සිදුවන අතර ඒවා ගල් වැනි දැඩි ස්වභාවයකට පත්වන නිසා මේවා 'වකුගඩු ගල්' යනුවෙන් හඳුන්වනු ලබෙනවා. මෙම තත්වයට පත් වූ අය ඒ නිසා විඳින්නේ අපමණ වේදනාවක්. ඒ පීඩාකාරී වකුගඩු ගල් කිසිදු වේදනාවක් නැතිව ඉවත් කිරීමේ ක්රම රැසක් පවතිනවා. අද අපි ඔබට කියලා දෙන්නේ එයින් සරල එක් ක්රමයක්...
🔴 අවශ්ය දේ :-
• පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක්
• පිරිසිදු පානීය ජලය
• පිරිසිදු පානීය ජලය
✴️ සකස් කරගන්නා ආකාරය :-
මුලින් පාස්ලි හෝ කොත්තමල්ලි කොළ මිටක් හොඳින් සෝදා පිරිසිදු කරන්න. ඉන්පසු එම කොළ මිට කුඩා කැබලි වලට කපාගෙන මුට්ටියකට දමා ගන්න. ඉන්පසු එම මුට්ටියට පිරිසිදු වතුර ඇති තරම් එකතුකොට මිනිත්තු 10 ක් පමණ හොඳින් තම්බාගන්න. ගින්දර නිවා දමා එලෙස සිසිල් වෙන්නට හරින්න. සිසිල් වුණු පසු මෙම මිශ්රණය පෙරණයක් ආධාරයෙන් පෙරාගෙන වීදුරු බෝතලයක දමා ශීතකරණයේ තැන්පත් කරන්න.
🔶 භාවිතා කරන ආකාරය :-
ඔබ කළ යුතු වන්නේ දිනපතා මෙයින් එක් වීදුරුවක් පානය කිරිම පමණයි. කිසිදු වේදනාවක් නොමැතිව වකුගඩු ගල් ඉවත් වී යන ආකාරය ඔබට අත්විඳීමට හැකිවේවි.
මේ විතරක් නොවෙයි වකුගඩු වල ක්රියාකාරිත්වය හොඳින් තියා ගැනීමට අවශ්ය නම් දිනපතා ප්රමාණවත් තරම් ජලය පානය කිරීමට අවශ්ය බව අමතක කරන්න එපා. එවිට ඔබේ ශරීරයේ ඇති සමහර අමතර විෂ ද්රව්ය හා ලවණ මුත්රා හරහා බැහැර වී යනවා.
No comments:
Post a Comment