Monday, June 17, 2019

ගැස්ට්‍රයිටීස් ඇති වෙන්න හේතු ගැස්ට්‍රයිටීස් ඖෂධ වට්ටෝරුවක් Gastroenteritis drugs sinhala

ගැස්ට්රයිටිස් සුව කරගන්න ඔබටම සාදාගත හැකි ඉපැරණි හෙළ ඔසුවක්..

ගැස්ට්රයිටිස් නොහොත් අම්ලපිත්ත රෝගයෙන් අද ලෝකයේ බොහෝ දෙනා පීඩා විඳිනවා. බොහෝ දෙනෙකුට මෙම රෝගී තත්වය ඇතිවන්නේ නිසි වේලාවට ආහාර නොගැනීම නිසා. උදරයේ ආම්ලිකතාවය වැඩිවීමෙන් ඇතිවන තුවාල හේතුකොටගෙන මෙම රෝග තත්වය උත්සන්න වෙනවා.
ඊට අමතරව ඌෂ්ණාධික ආහාර නිරන්තරව භාවිතා කිරීම මෙයට දිගුකාලීනව ගන්නා බටහිර ඖෂධ හේතුකොටගෙනත් අම්ලපිත්ත රෝග තත්වය ඇතිවෙන්නට පුළුවන්.

මෙම අම්ලපිත්ත රෝගය පාලනය කළ හැකි ඉතා වටිනා පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් ගැන කියන්න තමයි අපි මේ අද සූදානම් වෙන්නේ.
එය සකසා ගැනීමට අමු බෙලි කොළ වේලා කුඩු කරගත් පිටි 85g ක්, කුඩුකරගත් කොත්තමල්ලි පිටි 85g ක්, වැල්මී පිටි 85g ක්, එන්සාල් 20g ක්, කුරුඳු පොතු 20g ක්, වේලා කුඩුකරගත් කොල්ලන් කොළ පිටි 20g ක් හොඳින් මිශ්ර කරගත යුතුයි.
එසේ මිශ්ර කර පිළියෙල කරගත් ඖෂධය සුළං නොවදින සේ භාජනයක අසුරා තබාගෙන සෑම දිනකම උදෑසන මිලිමීටර් 10ක් ( 10ml ) වන පරිදි මේස හැන්ඳකින් එකක් ගෙන කෝප්පයකට දමා ඊට උණුවතුර එක්කර කෝපි මෙන් සාදාගෙන නොපෙරා හිස්බඩට පානය කරන්න. අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන අය එය පාලනය කර ගැනීමට මෙය දිනපතා භාවිතයට ගැනීම සුදුසුයි.
දිනකට එක් වතාවක් පමණ පානය කළ යුතු මෙම ඖෂධය අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කිරීමටත්, මල බද්ධය හා ආහාර අරුචිය දුරලීමටත් ඉවහල් වෙයි. මේ සියල්ලට අමතරව අම්ල පිත්ත රෝගයෙන් පෙළෙන අය තෙල් බැඳුම් හා පාන්පිටි වලින් සෑදූ ආහාර ගැනීම සීමා කළ යුතුයි. ඒ වගේම විනාකිරි දැමූ ආහාර තක්කාලි, අන්නාසි, මුරුංගා, දෙල්, බලමාළු, ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ඉතාම සීමා කළයුතු වෙනවා. මේවා සීමා කිරීම මෙම රෝගය සමනයට මහඟු පිටුවහලක් සපයනවා.

* වෙස් වලාගෙන ආ දේවාශිර්වාදයක් ?..
* මුලින්ම බලමු ගැස්ට්‍රයිටීස් ඇති වෙන්න හේතුවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙන්නේ ඇයි කියලා..
* ප්‍රෝටීන ජීර්ණයට වැදගත් වන පෙප්සින් වල ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමට සහ හානිකර බැක්ටීරියා විනාශ කරන්නටයි.. Ph අගය 2 තරම් වන සැර ආම්ලික තත්වයක් පවතිනවා.. ඇඟට වැටුනොත් පිලිස්සෙන තරම්..
* එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් ආමාශයත් ජීර්ණය කරන්නෙ නැද්ද ?.. ඇයි.. අමාශයත් හැදිල තියෙන්නෙත් ප්‍රෝටීන් වලින්මනේ ?...
* ආමාශ බිත්තිය ඇතුළු පැත්තේ සෛල ඇතිරිල්ලක් තියෙනවා.. ඒක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආරක්ෂා වෙන්න මියුකස් සෙවෙල තට්ටුවක් තියෙනවා..
* ඒ මගින් භාෂ්මික බයිකාබනේට් ස්‍රාවය කරල ආමාශය ඇතුල් බිත්තිය මත ඇසිඩ් උදාසීන කරල ආරක්ෂා කරනවා.. මේ යාන්ත්‍රණයට " ගැස්ට්‍රික් මියුකොසල් බැරියර්" නමින් හඳුන්වනව..
* ඉතිං ගැස්ට්‍රයිටීස් (අම්ල පිත්ත) කියන්නෙ ඉහත කියාපු සෙවෙල තට්ටුවෙ ඇතිවන ප්‍රදාහ තත්වයක් නිසා ආමාශයේ ඇතුල් බිත්තියට හයිඩ්‍රොක්ලෝරක් අම්ලය මගින් හානි වීමයි.. තාවකාලික හා දිගු කාලීන වශයෙන් ආකාර 2 යි..
* ගැස්ට්‍රයිටිස් හැදෙන්න හේතු මොනවාද ?
• ප්‍රධානම හේතුව අපේ රටේ ආහාර කෑම පිඟානක තියෙන සංයුතියේ වැරැද්දයි.. පිෂ්ඨ බහුලයි.. ඒ කියන්නේ ආම්ලිකයි.. භාෂ්මික බව බහුල අමු සලාද ක්‍රමයට කන කොළ එලවළු අඩුයි.. ඉතිං සමස්ත ආහාරය ආම්ලිකයි..
• වේදනා නාශක ඖෂධ ගැනීම..
උදා:ඇස්ප්‍රීන්.. ඉබියො⁣⁣යොප්‍රොපේන්..
• ආමාශය හොලිකොබැක්ටර් පයිලෝරි
බැක්ටීරියා ආසාදනය නිසා..
• අධිකව මත්පැන් බීම..
• ප්‍රතිශක්ති විකෘත රෝග උදා : නීරක්තිය
• ආන්ත්‍රික යුෂ ආමාශයට ගලා එ්ම..
• වෛරස ආසාදන..
* ගැස්ට්‍රයිටිස් කාලයක් තිබුනොත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්..
බඩේ තුවාල (gastric ulcer) හැදෙනවා..
තවදුරටත් වර්ධනය වෙලා බඩේ පිළිකා හැදෙන්නත් පුළුවනි..
* ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ..
බඩ දැවිල්ල.. පුරවා දැමීම.. අරුචිය.. වමනය.. ඉක්කාව.. තෙහෙට්ටුව..
* පෙරදිග ක්‍රමයට ප්‍රතිකාර..
• ප්‍රති ආම්ලික ඖෂධ යොදනවා..
• චිකිත්සා සූත්‍ර අනුව ප්‍රතිකාර යොදනවා..
* බටහිර ක්‍රමයට ප්‍රතිකාර..
• ප්‍රති ආම්ලික ඖෂධ යොදනවා..
• අම්ල ස්‍රාවයට අදාල H2 රිසෙප්ටෝස්
ක්‍රියාව අඩාල කරන ඖෂධ යොදනවා..
• බැක්ටීරියාවක් නම් අදාල ප්‍රතිජීවකද..
• වෛරස නම් ඊට අදාල ප්‍රතිකාර යොදනවා..
• ශල්‍යකර්ම මගින් ස්නායු තන්තු
කපා දමනවා..
* හැබැයි රෝග නිවාරණය වඩාත් වැදගත්.. ඒ සඳහා මියුකස ප්‍රදාහය නවත්වන්න..
• තද කොළ පැහැති ආහාර කන්න.. අමුවෙන් කොල වර්ග සලාද ක්‍රමයට බහුල ව සෑම වේලකටම කන්න.. සලාද හදන හැටි මෙතැනින් බලන්නකෝ.. https://m.facebook.com/story.php?story_fbid=303316706885768&id=129484124269028
• වෙලාවට නිවැරැදිව කන්න..
• තෙල් සමබරව කන්න.. Fat spread ක්‍රමය මෙතනින් ක්ලික් කර කියවන්න.. https://m.facebook.com/story.php?story_fbid=301470423737063&id=129484124269028
• සුප්.. ක්‍රීම් ගතිය නැති කැලරි අඩු පලතුරු යුෂ ( කොමඩු දොඩම් ඇපල් මිදි..)
• මී පැණි බැක්ටීරියා නාශක වෙනවා..
⁣මත හා දුම් පානය නවත්වන්න..
• ආතතිය අඩුකරගන්න.. නිමක් නැති බලාපොරොත්තු වලින් මිදිල.. මේ මොහොත තුල නිවැරැදිව ජීවත් ⁣වෙන්න..
* සමහරු තාවකාලිකව සුවයක් දැනෙන නිසා කිරි බොන්නවා.. යෝගට් කනව.. නමුත් එපා.. හේතුව ටික වෙලාවකින් ඊට වඩා ආම්ලිකත්වය වැඩි කරනවා.. හොලිකො බැක්ටීරියා හිටියොත් වර්ධනය වැඩිවෙනව.. කැලරිත් වැඩිවෙලා අධිපෝෂණ ලෙඩත් හැදෙනවා...
* පරීක්ෂණ...
ලේ මළ මූත්‍ර පරීක්ෂා කරනවා.. ආසාදිත බැක්ටීරියාව හා නීරක්තිය සොයා ගන්න..
එන්ඩොස්කොපි කරනවා.. තුවාල හා පිළිකා සොයා ගන්න..
* මේකට හොඳම උත්තරය.. මා ජාතික ආහාර පිළිවෙතින් දක්වන බත් පතයි.. මෙතැනින් ක්ලික් කරල බලන්නකෝ.. https://m.facebook.com/story.php?story_fbid=239575933259846&id=129484124269028
* එහි දක්වන බත් පතෙහි රූපය බලන්න.. පිඟානෙන් 1/2 ක්ම කොළ පාටයි.. (50%) එයිනුත් අඩක් (25%) සලාද.. එහි කොලපාට හරිතප්‍රද ඇතුලෙ මැග්නීසියම් කැල්සියම් තියෙනවා.. ඒවා අමු සලාද හැටියට ආහාරයට ගත්තම.. ආමාශයෙදි නිදහස් වෙලා භාශ්මික බවක් ඇති කරනවා..
* සාමාන්‍යයෙන් පිෂ්ට මේද ප්‍රෝටීන ආහාර ආම්ලිකයි.. ඒවායේ එකතුව පිඟානෙන් 1/2 ක් (50%) වෙන්න ඕන.. එ්වායෙ ප්‍රමාණය වැඩි වෙනකොට ආම්ලික බව වැඩි වෙනවා..
*ඉතිං මේ විදිහට.. සමබර සමබල ආහාර වේලකට හුරුවෙන්න.. ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙ නෑ.. අනෙත් ලෙඩ හැදෙන්නෙත් නෑ... නිරෝගීව හොඳ ආයුෂක් විඳින්නත් පුළුවන්..
** සුවිශේෂ අවවාදයක් !!!
* කැලරි බහුල බර අහාරයක් වැඩිපුර කාල පැය 3 කට අඩු කා⁣ලයක් තුල බඩෙන් ඉහලට දැවිල්ලක්.. හිරකිරීමක්.. අපහසුතාවයක්.. දහඩිය දැමීමක්.. (විශේෂයෙන් රාත්‍රි ආහාරයෙන් පසු) අවොත් කිරි, මී කිරි, යෝගට්, අයිස්ක්‍රීම්, ගස්ලබු, කෙසෙල්, අලිපේර.. වගේ කැලරි බහුල කන්න බොන්න එපා..
* තැඹ්ලි වතුර හෝ වතුර ටිකක් බොන්න.. සුදුසුකම් තියෙන වෛද්‍ය වරයෙකු හමුවෙන්න..
හෘද රෝගයක පෙර නිමිත්තක් වෙන්න පුළුවනි..
* හේතුව කැලරි බහුල ආහාරයක් ගත්තාම.. ලේ වල සීනි මට හා මේද (ට්‍රයිග්ලිසරයිඩ) මට්ටම ඉහල නැගිනව.. ලේ වල උකුබව වැඩිවෙනව.. හෘදයට ලේ පොම්ප කරගන්න අමාරුවෙනව.. හෘද ධමනි අවහිරතා තියෙන කෙනෙකුට හෘදයෙන් එන වේදනාව ගැස්ට්‍රයිටිස් හැටියට දැනෙන්න පුළුවනි..
* ඉතිං ඒ වෙලාවට ඉහත කියපු ජාති ගත්තොත් තවත් උග්‍රවෙනවා.. ඉන්ෆාක්ෂන්.. අංශභාග.. මරණය දක්වනවාමත් යන්න පුළුවනි.. මට එහෙම අයගෙ අත්දැකීම් තියෙනවා..
* කැලරි බහුල බර ආහාර කියන්නෙ.. බත් පාන්, කඩල, මුංඇට, කිරිබත්, කොස්, දෙල්, මඤ්ඤොක්කා, අල, බතල.. ආදිය බහුලව ගත්තාමයි.. කාබෝහයිඩ්‍රේට බහුල ආහාර..
* සරලව තේරුම් ගන්නවා නම්.. ක්‍රීම් ගතිය තියෙන ඇලෙන සුළු ආහාර වර්ග.. පෙරදිග ක්‍රමයට ආමය ජනිත කරවන ගුරු ආහාර..
* වෙස් වලාගෙන ආ ආශිර්වාදයක් කිව්වේ ඇයි කියලා තේරෙනවද.. ගැස්ට්‍රයිටිස් මගින් දැනුම් දෙනව ආහාරය අසමතුලිතයි කියල.. ඒක සමතුළිත කරගන්න කියන පණිවිඩය ගේන දේවතාවෙක් තමයි මේ වෙිදනානුස්සනාව...
* හැබැයි මේ සමාන්‍ය දැනුම සාමාන්‍ය ජනතාව අතරට නොගිය නිසා ව්‍යාපාරිකයන්ට හොඳ ආදායම් මාර්ගයකුත් වෙලා...

No comments:

Post a Comment